නවතම පුවත්

ඉන්දු-ලංකා සබඳතා තවත් ශක්තිමත් කළ යුතුයි – ඉන්දු මහකොමසාරිස්

අසංක

අසංක

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මතුවී ඇති නව අභියෝග හා අර්බුද ජයගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් පුළුල් කල යුතුව ඇති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අවධාරණය කර සිටී .

මෙහිදී දෙරට අතර ආර්ථික හා වෙළඳ සබඳතා විශේෂයෙන් ශක්තිමත් හා පුළුල් තත්වයකට පත්කළ යුතුව ඇති බවත් , ඒ සඳහා පූර්ණ දායකත්වය සැපයීමට ඉන්දීය රජය සූදානම් බවත් බාග්ලේ මහතා සඳහන් කර සිටී .

ඉන්දියානු කර්මාන්ත හා වානිජ්‍යය මණ්ඩල සම්මේලනය (FICCI) මගින් සංවිධානය කල විශේෂ අන්තර්ජාල සමුළුවකට එක්වෙමින් බාග්ලේ මහතා මේ බව සඳහන් කළේය .

ආර්ථික සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මෙන්ම ආර්ථික ශක්තිය වර්ධනය කිරීමට අදාළ නව ප්‍රතිපත්ති රාමු වෙත යොමුවීම අත්‍යාවශ්‍යව ඇති බවත් එහිදී දෙරතෙහි සහයෝගිතාව අතිශයෙන් වැදගත් වන බවත් බාග්ලේ මහතා මෙහිදී පැවසීය .

යටිතල පහසුකම් , බලශක්ති , තොරතුරු තාක්ෂනය , ඉදිකිරීම් , ඖෂධ , සංචාරක හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්ට අදාලව දෙරටේ සබඳතා විශේෂයෙන් පුළුල් කල යුතු බවත් , ඒ සඳහා විශාල ඉඩකඩක් හා අවස්තාවක් ඇති බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේය .

දෙරටෙහිම ජනතාවට ප්‍රතිලාභ අත්වන පරිදි මෙම සබඳතා ශක්තිමත් කලයුතු බවද ඒ මහතා මෙහිදී පැවසීය .

ලක්ෂ්මන් කදිරගාමර් , ජාත්‍යන්තර සබදතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේ සහයෝගීත්වය සංවිධානය කර තිබු මෙම වැඩසටහන ” ඉන්දයාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම ” යන මැයෙන් පැවැත්වුණු අතර ඊට විදේශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා, ඉන්දියානු කර්මාන්ත හා වානිජ්‍යය මණ්ඩල සම්මේලන සභාපතිනී අචාර්ය සංගීතා රෙඩ්ඩී මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්