ඉන්ධන මිල අඩුවෙන ලකුණු

Picture of අසංක

අසංක

ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහල යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල පහත හෙලීම පිළිබඳව මේ සතියේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ප්‍රවාහන, විදුලි බලා හා බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර ඇත.

ඒ අනුව කඩිනමින් ඉදිරි දින කිහිපය ඇතුලත මෙරට ඉන්ධන මිල පහල දැමීමට රජය ක්‍රියාකරනු ඇති බවද අමාත්‍යංශය සඳහන් කර සිටී

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල ගණන් අද දිනයේද වාර්තාගත ලෙස පහළ ගොස් ඇති අතර . විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද වනවිට බොරතෙල් බැරලයක මිල 25% ත් 30% ත් අතර අගයකින් පහළ ගොස් ඇති බවය

1991 වසරෙන් පසු දිනක් තුළ තෙල් මිල පහල ගිය වැඩිම අගය මෙය ලෙසට මෙය සැලකෙ.