නවතම පුවත්

සජිත්ගේ බලවේගය මහඡන්දෙට ‘දුරකථනයෙන්’ ස්ථිරයි

අසංක

අසංක

සමගි ජනබලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ‘දුරකථනය’ ලකුණින් තරඟ වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසම දැනුම්දී ඇති බව වාර්තාවේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය මහලේකම් ධුරය දරන රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මේ බව මැතිවරණ කොමිසමට මේවනවිට ලිඛිතව දැනුම්දී ඇත.

රටපුරා දිස්ත‍්‍රික්ක 22ක් සදහා ‘දුරකථනය’ ලකුණින් තම බලවේගය තරග වදින බවත් ඔහු දන්වා තිබේ.

මෙ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය මේ වන විට නාමයෝජනා මණ්ඩලයක් ද පත්කර තිබෙන අතර නාම යෝජනා බාර ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයද රටපුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා අලියා ලකුණින් තරඟ වදින බවට මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

ඉදිරි මැතිවරණය සඳහා පක්‍ෂ ලකුණු වෙනස් කිරීම සඳහා ලබාදුන් කාලය අද දින අවසන් වෙ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්