අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379ක් වේ.
සුපිරි ඩීසල් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
කෙසේ වෙතත් සුදු ඩීසල් සහ භූමිතෙල් මිලේ වෙනසක් කර නොමැත.
ඊට අදාළ නිවේදනය පහතින්.