නවතම පුවත්

ඉන්ධන මිළත් ඉහල යන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී විෂය භාර අමාත්‍යවරයාට ඉන්ධන මිල ගැළපීමක් කිරීමට සිදුවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී පැවසී ය.
”මාසයකට කෝටි 1000ක් පමණ අලාභයක් විඳින බව ඊයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා. ඒ අලාභය විඳින්නෙ ජනතාව. එතුමට මිල ගැළපුමක් කරන්න සිද්ධ වෙනවා. එය කවර අවස්ථාවකදී සිදු කරන්නේ ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කරලා බලයි”

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, කැමත්තෙන් හෝ අකමැත්තෙන් වුව ද රට තුළ නිෂ්පාදනය නොකරන භාණ්ඩයක් ලෝකයේ පවතින මිලට ලබා ගැනීමට සිදු වන බවත් වැඩි මිලට ඛනිජ තෙල් මිලදී ගෙන අඩු මිලට ලබා දීමට විෂයභාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති බවත් ය.

”ලෝක වෙළඳපොළේ රු. 100 පනිනවා. හෙට අනිද්දා තෙල් බැරලයක මිල ඒක නිසා ඛනිජ තෙල් මිල වැඩිවෙනවා. ගෑස්මිල වැඩි වෙනවා. කිරිපිටි මිල වැඩි වෙනවා. පරිප්පු මිල වැඩි වෙනවා. වසංගතයෙන් පසු හැමදාම ඇවිල්ලා තියෙන්නෙ සාගතයක් ලෝකයේ”

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ලොව අනෙකුත් සෑම රටකම පාහේ අත්‍යාවශ්‍ය සේවාවල මිල මෙරට මිල ගණන්වලට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා