ඉරානයේ බෝම්බ පියා ප්‍රහාරයකින් මරුට

Picture of අසංක

අසංක

“ඉරානයේ බෝම්බ පියා” ලෙස බටහිර රටවල් විසින් අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන එරට ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක් වන මොෂේන් ෆක්රිෂිඩ් ටෙහෙරාන් අගනුවර ආසන්නයේ දී ඝාතනයට ලක් වී ඇත.

ඔහු ගමන් කරමින් තිබු මෝටර් රථයට ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ආසන්නයේ පිහිටි ධමාවාන්ද් හිදී එල්ලවූ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්වී ඇත .

ප්‍රහාරය එල්ල කළ පිරිස න්‍යෂ්ටික විද්‍යාඥයා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට පෙර බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර තිබෙන බව ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වාදෙ.

මෙම ප්‍රහාරය ඊශ්‍රායාලයේ සහය ඇතිව සිදුවූවක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ටිවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

මේ අතර ඉරාන විප්ලවීය හමුදාවේ අණදෙන නිලධාරියා සඳහන් කර සිටියේ මෙම ප්‍රහාරයට සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් සියළු දෙනාගෙන් අනිවාර්යෙන්ම පලිගන්නා බවය