නවතම පුවත්

ශ්‍රී ලංකා පොලීසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩ බාර ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා 2020 නොවැම්බර් 27 වන දින උදෑසන ස්වකීය රාජකාරි කටයුතු පොලිස් මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

රටේ පවත්නා වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් නිරෝධායන රීතින් වලට අනුගතව මෙම උත්සවය ඉතාම චාම් ලෙස පැවැති අතර පොලිස් නිලධාරීන් 20 කටත් අඩු සංඛ්‍යාවක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා පොලීසිය ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1866 සැප්තැම්බර් මස 03 වන දින පිහිටුවනු ලැබූ අතර ලංකාවේ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පත්කරනු ලැබුවේ ශ්‍රීමත් ජී.ඩබ්.ආර්. කැම්බල් මහතායි. එදා මෙදා තුර දෙස් විදෙස් පොලිස්පතිවරුන් 34 දෙනෙකු පොලිස්පති ධූරය හොඹවා ඇත. සි.ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා පොලීසියේ 35 වන පොලිස්පතිවරයායි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ බි.එස්.සී. උපාධිධාරියෙක්ද, කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ එම්.එස්.සී. උපාධිධාරියෙක්ද වන සී.ඩී. වික්‍රමරත්න මහතා 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැදී බුද්ධි නිලධාරියෙකු ලෙස ප්‍රථම රාජකාරිය ආරම්භ කර ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල සේවය කර ඇත.

90000 කට ආසන්න සාමාජිකයින්ගෙන් සමන්විත නීතිය හා සාමය සුරකින ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති ධූරප්ප්‍රාප්ත නව පොලිස්පතිතුමන්ගේ පොලිස්පති දිවියට සුභාශිංෂණ ප්‍රාර්ථනා කරමු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්