ඉන්දීය – ඉරාන ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කිරීම සඳහා ඊබ්‍රාහිම් රයිසිගේ දායකත්වය ප්‍රශංසනීය වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ බව පවසා තිබේ.
මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගේ ඛේදනීය අභාවයෙන් පසු ඔවුන්ට ගෞරව දැක්වීමක් ලෙස අද (21) රට පුරා එක් දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය ද තීරණය කර තිබුණි.
පසුගිය ඉරිදා (19) ඉරාන ජනපති ඇතුළු පිරිස ගමන්කරමින් සිටි හෙලිකොප්ටරය අනතුරට පත්වූයේ එම ප්‍රදේශයේ කඳුකර කලාපයක දීය.