නවතම පුවත්

ඉරානය සමග භාණ්ඩ හුවමාරුවට අලුත් ගිවිසුමක්

අසංක

අසංක


ඉරානය සමග නව භාණ්ඩ හුවමාරු ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

මෙම ගිවිසුම යටතේ , ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉරානයෙන් මිලදී ගත් ඉන්ධන ගාස්තු පියවීම සඳහා එරටට තේ අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

මිලදී ගත් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉරානයට ගෙවීමට ඇති මුදල, ඩොලර් මිලියන 250 කට අධිකය.

එහෙත් අමෙරිකාව, ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම හේතුවෙන් එරට බැංකු සමග ඩොලර් භාවිතයෙන් ගනුදෙනු කිරීමට හැකියාවක් නොමැත.

නව යෝජනාවට අනුව, මෙරට ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන ඉරානයට, අය කිරීමකින් තොරව තේ සපයන්නේ එම මුදල ඉන්ධන ගාස්තුවලට හිලව් කර ගැනීමේ අරමුණිනි.

වසර දෙකක කාලයකට යටත්ව එම ගිවිසුමට එළඹීමට සැලසුම් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්