පැතුම් වික්‍රමරත්න
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, තීරණය කර ඇත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව අනුව මෙම තීරණයට එළැඹි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය වෙත පැවසීය.
දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ සමග මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.