ඩොලර් බිලියන 44 කට Twitter මිලදී ගැනීමේ ගනුදෙනුවක් මෑතකදී අවසන් කළ Elon Musk, වාණිජ සහ රජයේ ට්විටර් පරිශීලකයින්ගෙන් ‘සුළු’ ගාස්තුවක් අය කිරීමට සූදානම් වෙයි.
ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස මේ වනවිට ලැයිස්තුගත වී ඇති ඔහුගේ දැක්ම අනුව පැහැදිලිවම දේවල් නොමිලේ ලබා දීම විශ්වාස නොකරන්නෙකි.
සාමාන්‍ය පරිශීලකයින් සඳහා Twitter සැමවිටම නොමිලේ වන නමුත් වාණිජ සහ රජයේ පරිශීලකයින්ට ‘සුළු පිරිවැයක්’ දැරීමට සිදුවිය හැකි බව ඔහු පැවසීය.
Twitter will always be free for casual users, but maybe a slight cost for commercial/government users
— Elon Musk (@elonmusk) May 3, 2022