නවතම පුවත්

ඉශාලිනිගේ පවුලට , නීතීඥ සහය නොමිලේ දෙන්න සූදානම් – යුක්තිය උදෙසා නීතීඥයෝ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්භන්ධ නඩුවේදී අගේ පවුල වෙත අවශ්‍ය නීතීඥ සහය නොමිලේ ලබාදීමට සූදානම් බව යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානය අවධාරණය කර සිටී .

එසේම එම දැරියගේ මරණාසන්න ප්‍රකාශයක් මත පමණක් පදනම්ව මෙම නඩුව ගැන තීරණයක් ගත නොහැකි බවත් , ඒ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබාදිය යුතු බවත් යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කර සිටී .

මෙහිදී හිටපු අමාත්‍ය රිෂාඩ්  බදුයුදීන් මහතාටද කිසිසේත්ම , වගකීමෙන්  මිදිය නොහැකි බවත් , ඒ මහතා සිරභාරයේ නොසිටි කාලයේ සිටම මෙම දැරිවිය  ඔහුගේ නිවසේ සේවය කර ඇති බවත් මනෝජ් ගමගේ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ මනෝජ් ගමගේ මහතා මෙසේද පැවසීය ,

” මෙම දැරිවියගේ මරණයට අදාල ආණ්ඩුව යට ගැසීමට විවිධ පාර්ශව උත්සාහ  දරන බවක් පෙනෙනවා . මෑතකදී එක්තරා පුද්ගලයෙක් මාධ්‍ය ඉදිරියට විත් පැවසුවේ , එම දැරියගේ මරණාසන්න ප්‍රකාශයක් මත , මෙම නඩුව පිලිබඳ තීරණයක් ගත යුතු බවයි . නමුත් අපට ඔහුගේ එම ප්‍රකාශය පිළිගන්න බහ . එම කුඩා දැරිය මරණාසන්න මොහොතේ කල ප්‍රකාශයක් මත පමණක් පදනම්ව මේ නඩුව ගැන තීරණයක් දෙන්න බැහැ . එම මරණාසන්න ප්‍රකාශය කුමන බලපෑම් මත කලාද යන්න ගැන සැක පවතිනවා . එසේම එම අවස්ථාවේ ඇය සිටියේ මරණාසන්න පිළිස්සුම් තුවාල සහිතවයි . මේ ගැන පුළුල් පරීක්ෂණ දියත්කල යුතුයි . දැනට පොලිසිය මේ ගැන ස්වාධීනව පරීක්ෂණ ආරම්භ කර ඇති බවක් පෙනෙනවා , නමුත් මෙම පරීක්ෂණ තවත් වේගවත් කල යුතුයි .

එසේම මෙම දැරිවියගේ මරණය ගැන අද බොහෝ රාජ්‍ය නොවන සංවිධාන , නිහඬයි . ගෝල්ෆේස් පිට්ටනිය අසල විරෝධතා කල කාන්තාවෝත් නිහඬයි . මේ හරහා ඔවුන්ට ඩොලර් කුට්ටි  නොලැබෙන නිසා ඔවුන් එසේ නිහඬව සිටින බව පැහැදිලියි . එනමුත් අපි මේ දැරිය වෙනුවෙන් පෙනීසිටිනවා. අප සූදානම් අගේ පවුලේ අයට මෙම නඩුව සඳහා අවශ්‍ය නීතීඥ සහය නොමිලේ දෙන්න “

 

 

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්