රිෂාඩ් බදූර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමකින් මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීට සුළු වේලාවකට පෙර ගොඩගෙන ඇත
නුවර එළිය මහේස්ත්‍රාත් කුමාරි ධර්මකීර්ති මහත්මියගේ නියෝගයක් අනුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ මෙම දේහය ගොඩගෙන ඇති බව සඳහන්.
එම දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතය.