නවතම පුවත්

මෙරට එන්නත්කරණයේ නව වාර්තාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට එන්නත්කරණයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් ඊයේ දිනය තුළ පුද්ගලයින් ලක්ෂ 5 කට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටී .

දිනක කොරෝනා මර්දන එන්නත් ලබාදීම ලක්ෂ 5 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාවද මෙය වන අතර .වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් පන්ලක්ෂ 15,830 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇත .

ඒ අතරින් පුද්ගලයින් හාරලක්ෂ 18,494 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද, පුද්ගලයින් 56,738 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ද ලබාදීමට කටයුතු කර ඇත. ෆයිසර් එන්නත 38,430 දෙනෙකුටත්, මොඩර්නා එන්නත පුද්ගලයින් 2,168 දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබාදී තිබෙ.

ඒ අනුව කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව අනූ එක් ලක්ෂ 78,000 ඉක්මවා ගොස් ඇත .

මාත්‍රා 02 ම සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව විසිලක්ෂ 63,809 ක්වේ . පළමු මාත්‍රාව ලැබූවන් අතරින් ලක්ෂ 72 කට ආසන්න පිරිසකට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතවේ..

දෙවන මාත්‍රාව ලෙස එම එන්නත පුද්ගලයින් ලක්ෂ 16 කට අධික පිරිසකට මේවනවිටත් ලබාදී අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්