උමංග බණ්ඩාර | 14.03.2019 12:45 PM
ඊයේ දින (13) සිට ෆේස්බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්රෑම්, වට්ස්ඇප් යන සමාජ ජාල සියල්ලම එක එහි පරිශිලකයන්ට භාවිතා කිරිමට නොහැකි ලෙස අවහිර විය.
මේ අනුව ෆේස්බුක් ගිණුම් හිමියන්ට ගිණුමෙන් පිටවූ පසු නැවත ගිණුමට ඇතුල්වීමට නොහැකි ලෙස අවහිර වී තිබු අතර ගිණුම් වලට පිවිස සිටින්නන්ට ගිණුම නිසි ලෙස හැසිරිවීමට නොහැකි වී තිබු අතරම මැසෙන්ජර් ජාලයද පණිවිඩ යැවීමට නොහැකි ලෙස අවහිර වී තිබු අතර ඉන්ස්ටග්රෑම් ජාලය මුළුමනින්ම අවහිර වී තිබු අතර එය එක් එක් රටවලට විවිධ ලෙස බලපෑම් ඇතිවිය. ඉන්ස්ටගරෑම් මේ වනවිට යථා තත්වයට පත් කර ඇතිබව ඔවුන්ගේ නිල ට්විටර් ගිණුමෙන් දන්වා සිටි. වට්ස්ඇප් ජාලයේද අවහිරතා ඇතිවී තිබු එය අනිකුත් ජාල තරම්ම ගැටළුවක් නොවුනු බව වාර්තා වේ.
Anddddd… we're back. pic.twitter.com/5E8UdlcsPJ
— Instagram (@instagram) March 14, 2019
ශ්‍රී ලංකාවේ පරිශිලකයන්ට මේ සියළුම ගැටළු ඇතිවූ බව සදහන් වේ බහුතරයක් දෙනා තමන්ගේ ගිණුම් රිපෝර්ට් වන බව දන්වමින් රීච් ඉහල දමා ගැනීමට ස්ටීකර් කමෙන්ට් දමා උදව් කරන ලෙස ඉල්ලමින් තම ෆේස්බුක් ගිණුම් හී සටහන් තබා තිබෙනු දැකගත හැකි විය.
ශ්‍රී ලංකාවේ 2018 මාර්තු අර්බූදයෙන් පසුව ශ්‍රී ලංකාවට හදුන්වා දී ඇති විශේෂ නීතිරීති මත පදනම්ව වෛරී සහගත ප්‍රකාශක යනුවෙන් යම් යම් වචන ෆේස්බුක් මගින් වාරණයට ලක් කර ඇති අතර සමහර ඡායරූපද මෙසේ වාරණය කර ඇත ඒවා ගිණුම් වලට එක් කල පසුව අදාල ෆේස්බුක් ගිණුම ස්වයංක්‍රීයව වාරණයකට ලක්වේ ඒ අනුව දින තුනක් , දින හතක් , දින දාහතරක් , දින විසි එකක් හා දින තිහක් ලෙස වාරණයට ලක්වේ. වාරණය අවසන් වන තෙක් අදාල ගිණුමේ කිසිවක් පල කල නොහැක. ඒ ගිණුමට අයත් මැසෙන්ජ් ගිණුමද අක්‍රිය වන අතර ඇමතුම් ලබා ගත නොහැක. පණිවිඩද යැවිය නොහැක නමුත් ලැබෙන ඇමතුම් ලබා ගත හැක. මෙය ස්වයංක්‍රීව සිදුවන ක්‍රියාවකි. බෙහෝමයක් දෙනා සිතා සිටින්නේ ස්ටීකර් කමෙන්ට් යෙදු විට එය නිරාකරණය වන බවයි නමුත් එය එසේ නොවේ. ස්ටීකර් කමෙන්ට් වලින් සිදු වන්නේ ගිණුමේ රීච් ( අදාල ගිණුම පරිශිලකයන්ට දර්ශනය වන ප්‍රමාණය ) එක ඉහළ යාම පමණයි. මෙය ශ්‍රී ලංකාවේ රජයේ ඉල්ලීමට ජාතිවාදි අරගල අවසන් කිරිමට 2018 ෆේස්බුක් සමාගම ගෙනා නීතීරිති වේ.
මාර්ක් සකර්බර් 2007 ආරම්භ කල ෆේස්බුක් ජාලය 2013 දී මෙවැනි බිද වැටුනද ඊයේ (13) තරම් දරුණු බිද වැටීමකට ලක්නොවීය.
මේ දැනට ෆේස්බුක් ඉතිහාසයේ දිගු වෙලාවක් පැවති බිද වැටීම විය. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සදහන් කරන්නේ මෙය සයිබර් ප්‍රහාරයක් නොවනු බවයි.
We're focused on working to resolve the issue as soon as possible, but can confirm that the issue is not related to a DDoS attack.
— Meta (@Meta) March 13, 2019
මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බව ෆේස්බුක් අද උදෑසන ට්විටර් හී තැබු පණිවිඩය
මේ පිලිබද වැඩි විස්තර බලාපොරොත්තු වන්න.