ඊශ්‍රායලය , කොරෝනා එන්නත් වැඩසටහනේ ඉදිරියටම !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන රාජ්‍යයන් අතරින් මේ වනවිට ඉහලම සාර්ථකත්වයක් ලබා ඇති රට ලෙස   ඊශ්‍රායලය ඉදිරියටම පැමිණ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටී .

ඒ අනුව මේ වන විට ඊශ්‍රායලය එරට ජනතාව අතරින් මිලියනය ඉක්මවූ පිරිසකට එන්නත ලබා දී ඇති බවට වාර්ථා වේ.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 11.55 ක් වන අතර දැනට එය ලොව ක්‍රියාත්මක කාර්යක්ෂම එන්නත්කරන වැඩසටහන එය වේ .

එන්නත්කරණ ක්‍රියාවලිය තුළ වැඩි පිරිසක් වෙත සාර්ථකව එන්නත ලබා දුන් රටවල් අතරේ දෙවැනි ස්ථානය බහරේනයටද තෙවන ස්ථානය එක්සත් රාජධානියටද හිමිව ඇත