නවතම පුවත්

තවත් දරුණු වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අප්‍රිකානු වැසි වනාන්තර ආශ්‍රිතව මේ වනවිට  නව වෛරස් ප්‍රභේද  කිහිපයක්  මතුවෙමින් පවතින බව එරට විශේෂඥයින් කණ්ඩායමක් අනතුරු අඟවා සිටී

එම වෛරස ප්‍රභේද  නුදුරු අනාගතයේදී  ලෝකවාසී ප්‍රජාවට දැඩි තර්ජනයක් ගෙන එනු ඇති බවටද මෙම විශේෂඥ කණ්ඩායමේ  ප්‍රධානී මහාචාර්ය Jean-Jacques Muyembe Tamfum  සඳහන් කර ඇත

පළමු වරට ඉබෝලා වෛරසය සොයා ගැනීමට ඉවහල් වුයේද මෙම මහාචාර්යවරයා වන අතර ඔහු  මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි වෛරසයන් මේ වන විට ගෝලීයව ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණ වේගයට වඩා වේගවත් ව්‍යාප්තියක් සහිත වෛරස් ප්‍රභවයක් විය හැකි බවයි.

” අපි දැන් සිටින්නේ නව රෝගකාරක බීජ පිටවන ලෝකයක. එය මනුෂ්‍යත්වයට තර්ජනයක්” තම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටි

අප්‍රිකානු රටක් වන කොංගෝ ජනරජයේ පිහිටි ඉන්ජෙන්ඩේ නම් ප්‍රාන්තයේ නම හෙළි නොකළ රෝගියෙකු රක්තපාත උණ රෝගයෙන් පෙලීම හේතුවෙන් රෝහල් ගත කොට ඇති බවත් වෛද්‍යවරුන් එම රෝගියාගේ රුධිර සාම්පල් සඳහා  ඉබෝලා පරීක්ෂණය සිදුකලත් එහි ප්‍රථිපල ධනාත්මක නොවූ බවත් අප්‍රිකානු මාධ්‍ය වාර්තා පෙන්වාදෙ .

ඒ අනුව මෙය නව වෛරසයක ආරම්භයක් ද යන ගැටලුව උද්ගතවී ඇති බව මහාචාර්යවරයා එරට මාධ්‍ය වෙත  පෙන්වා දේ ..

නව රෝගී තත්ත්වය පෙන්නුම් කරනු ලබන රෝගියා කාන්තාවක් වන අතර ඇයගේ දරුවන් ද ඉබෝලා පරීක්ෂණයට ලක් කර සිටියත් ඔවුන්ගේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

වසංගත රෝග සම්බන්ධයෙන් පසුගියදා පැවති ගෝලීය සමුළුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම හඳුනා නොගත් නව වෛරස (‘Disease X’) සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී මෙවැනි වෛරස් ප්‍රභවයන් ඇතිවීම සහ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්