ඊශ්‍රායලය – බහරේනය ඓතිහාසික එකඟතාවක

Picture of අසංක

අසංක

ඊශ්‍රායලය හා බහරේනය සිය සබඳතා පූර්ණ ලෙස සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඓතිහාසික එකඟතාවකට පැමිණඇත.

අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් මගින් මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත .

ඒ අනුව ගත වූ දින 30 තුළ ඊශ්‍රායලය සමග සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමට ගිවිසුම්ගත වූ දෙවැනි අරාබි රට බහරේනයවේ.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඊශ්‍රායලය සමග මෙවැනිම ලෙස ඓතිහාසික සාම ගිවිසුමකට එළඹුණි.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් ජනවාරි මාසයේ මැදපෙරදිග කලාපයේ රටවල සාමය ඇති කිරීම සඳහා වන සැලසුම ඉදිරිපත් කළේ ය.

ඊශ්‍රායල – පලස්තීන අර්බුදයට දිගු කාලීන විසඳුමක් ලබාදීම මෙම සැලසුමේ අරමුණ වී තිබේ.