නවතම පුවත්

MT New Diamond මඩකළපුවට නැගෙනහිරින් ගැඹුරු මුහුදේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගින්න සම්පූර්ණයෙන් පාලනය කරන ලද MT New Diamond  නෞකාව මේ වන විට මඩකළපුවට  නැගෙනහිරින් නාවික සැතපුම් 45 ක් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇත.

2020 සැප්තැම්බර් 11 වන දින නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් MT New Diamond  නෞකාවේ ජලයෙන් යට පිහිටි බඳ ප්‍රදේශය පරීක්‍ෂා කිරීම සඳහා කිමිදුම් මෙහෙයුමක් දියත් කල අතර, එහිදී නෞකාවේ පිටුපස ප්‍රදේශයේ වම් පසින් ජල මට්ටමට මීටර් 19.3 ක් පමණ පහලින් හා දකුණු පසින් ජල මට්ටමට මීටර් 16 ක් පමණ පහලින්  වූ, නෞකාවතුලට  මුහුදු ජලය ලබා ගන්නා විවරයන් දෙකකට (Sea water inlet) සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතිය හානි වී ඇති බව නිරීක්‍ෂණය කරන ලදි. ඒ අනුව නාවික හමුදා කිමිදුම්කරුවන් මගින් එම හානි සිදු වූ විවර වසා දැමීමට කටයුතු කරන ලදි. මෙහිදී නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුලට ගන්නා විවරයට (Sea water inlet) සම්බන්ධ හානි වූ අභ්‍යන්තර නල පද්ධතිය තුළින් දැවි තෙල් මිශ්‍රිත ජලය මුහුදට කාන්දුවෙමින් පැවතීම හේතුවෙන් කඩිනමින් එම විවරය සම්පූර්ණයෙන් වසා දැමීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කරන ලදි.

තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා හා යාත්‍රා මෙන්ම අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් ටග් යාත්‍රා ද මෙම මෙහෙයුමට සම්බන්ධව සිටී. එමෙන්ම, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් ද අවශ්‍යතාවය මත යොදා ගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථානගතකර ඇත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්