ඊශ්‍රායලය ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාවක්ද ලබාදේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර ඇත

ඒ අනුව කොරෝනා මර්දන එන්නතක තුන්වන මාත්‍රාවක් ලබාදෙන පළමු රට බවට ඊශ්‍රායලය පත්වනු ඇති බවඑරට අග්‍රාමාත්‍ය නෆාලි බෙනට් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත .
මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිත අතර .ඒ අනුව කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 05 ක් ගතවූ පුද්ගලයින්ට එම එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදෙනු ඇත.

තුන්වන මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සාග් පළමුව එන්නත් කිරීමට නියමිතයි. එළඹෙන සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා 61 වන වියට එළඹෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඊශ්‍රායලය මෙලෙස එරට ජනතාවට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාදෙන්නේ රටතුළ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති පසුබිමක් තුළය

එන්නත් මාත්‍රා 02 කින් ලැබෙන ප්‍රතිශක්තීකරණය පමණක් ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායල බලධාරීන්ගේ මතය වී තිබෙ.

කෙසේවෙතත් මෙතෙක් වෙනත් කිසිඳු රටක් සිය පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදීමට අනුමැතිය ලබාදී නැත .