නවතම පුවත්

ළමුන් පිලිබඳ තම වගකීම් පැහැරහරින නිලධාරීන්ට එරෙහිව පෙළගැහෙමු – “යුක්තිය උදෙසා කාන්තාවෝ”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ළමුන් අපයෝජනයට හා අපහරණයට ලක්වීම වැලැක්වීම සඳහා තමන්ට පැවරී ඇති වගකීම් පැහැරහරින නිලධාරීන්ට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බව යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කර සිටී .

එසේම කාන්තා හිංසනය, ළමා අපචාරවලට සම්බන්ධ කිසිවෙකුට ඉදිරි මැතිවරණ වලදී නාමයෝජනා ලබා ද නොදෙන ලෙස දේශපාලන පක්‍ෂ වලින් ඉල්ලා සිටින බවද , යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී,හා කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවෙල මහත්මිය අවධාරණය කර සිටී .SME Association head writes to President to block Health Ministry license | Daily FT

කොළඹදී අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝනවෙල මහත්මිය මේ බව පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසීය ,

.”ඉතිහාසයේ සිට අපේ රට ළමයාට පළමු තැන දීල තියෙනවා. ළමයාගේ සෞඛ්‍යය, පෝෂණය, ආරක්ෂාව ගැන අපි ජන සමාජයක් හැටියට සැලකිලිමත් වෙලා තියෙනවා .

එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක ප්‍රඥප්තිය පළමු වටේම අත්සන් කළ රටක් අපි, එහි සඳහන් නීති හා අදාළ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු දේ හා යාන්ත්‍රණය අපි සම්පාදනය කරලා තියෙනවා .

ළමයෙක් අපහරණයට හෝ අපයෝජනයට ලක් වුනාම ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද හා ඒකට අදාල නීති ,ගැන ව්‍යවස්ථාවෙන් කරුණු සපයල තියෙනව. එහෙම නම් නොවන්නේ ලබාදීලා තියෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම, බලාත්මක නොකිරීම .

ළමයි වෙනුවෙන්ම බිහි වූ ළමා ආරක්ෂක අධිකාරිය probation officer පාසල්වල උපදේශනය (කවුන්සිල )ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ළමා සංවර්ධන නිලධාරි මේ සේරම රටක් හැටියට රජයක් හැටියට ලබා දීලා තියෙනවා නම් මේවා ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? මේවා ක්‍රියාත්මක නොකරන්නේ කවුද ?

සමාජ මාධ්‍ය හරහා,මාධ්‍ය සාකච්ඡා තබමින් පිකටින් කරමින් රජය විවේචනය කිරීම, රජයට බලපෑම් කිරීම හෝ පොලිසිය විවේචනය කිරීම නෙමෙයි කළ යුත්තේ කලින් සඳහන් කළ වගකීම් හරි හැටි නොදරන නිලධාරීන්ට බලපෑම් කිරීමයි කල යුත්තේ, එසේ කිරීමට නම් සමාජයත් අවදි විය යුතුයි, සමාජ වගකීම ඉටු කළ යුතුයි.

දෙමව්පියන් සතු ලොකු වගකීමක් තියෙනවා තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්. තම දරුවා අපයෝජනයට ලක් උනාම හිංසනයට ලක් වුණාම ඒ දේ සිද්ධ වුණේ පියාගෙන් නම් සහෝදරයන්ගෙන් නම් මාමා කෙනෙක්ගෙන් බාප්පා කෙනෙක්ගෙන් අසල්වැසියෙක් ගෙන්නම් පවුල තුළ ගැටලුවක් නිර්මාණය වෙයි කියන බය නිසා එය පොලීසියට හෝ උසාවියට ගෙන යන්නේ නැහැ.

” ළමයා ” කියන්නේ ළමයෙකුටමයි. එහෙනම් මෙවැනි අවස්ථාවක සාධාරණය ඉටු කිරීමට මැදිහත් විය යුත්තේ දෙමව්පියන් වැඩිහිටියන් අසල්වැසියන්.

අපයෝජනයට හෝ අපහරණයට ලක්වූ ළමයාගේ මානසික තත්ත්වය යහපත් නැහැ වෛරය, ක්‍රෝධය, වේදනාව, තරහ හිතේ තදකරගත් කෙනෙක් තමයි මෙහි නිවසෙන් එළියට එන්නේ සමාජගත වෙන්නේ මේ සමාජය සුවපත් කරන්න පුළුවන් ළමයා කියන කෙනා රැකගන්න පුළුවන් අපිටම පමණයි .
ළමයෙක් දිගටම පාසැල් එන්නේ නැත්නම් පාසලෙන් දැනුම් දෙනවා ද අදාළ ආයතන වලට. අඩුම ගානේ දන්නවද දැනුම් දිය යුතු ආයතන මොනවද කියල. මේ ආයතන සොයා බලනවද ඇයි මේ ළමයා හදිසියේ පාසල් අතහැර යන්නේ කියලා. අඩුම තරමින් මාස තුනකට වරක් හෝ ළමයි පාසැල් ඒම ගැන හොයලා බලන්න මේ අයතන ක්‍රමවෙදයන් හදා ගන්න ඕන. වගකිවයුත්තන්ට, අපි වැඩිහිටියන්ට කොතනක හෝ වැරදුණ හින්දා තමයි දරුවන් අතහැරුන නිසා තමයි අද දරුවන් අනතුරේ වැටිල තියෙන්නෙ .

ජුනි මාසයේ මැද සිට ජූලි මාසයේ මැද දක්වා මාසයක් තුළ ළමා අපහරණයන්ට සම්බන්ධ ඡායාරූප දාහ හත් දාහකට අධික ප්‍රමාණයක් අන්තර් ජාලයට මුදා හැරලා තියෙනවා. වෙන කොහේවත් නෙමේ අපේ රටේ ආගම ජාතිය ගැන නිතර දෙවේලේ කතා කරන ඒ වෙනුවෙන් බැඳීම් ඇති කරගන්න මේ අපේ රටේ , මෙපමණ ඡායාරූප සංඛ්‍යාවක් අන්තර්ජාලය තුල සැරි සරනවා කියලා අදාල බලධාරීන් ආයතන දැනගෙන හිටියේ නැද්ද. අදාල ආයතන වල වගකිම් මොනවද? ජනාධිපතිතුමා උපදෙස් දෙන තුරු සිටිය යුතු නැහැ. ඔබ දරණ නිලයට ඔබ ගන්න වැටුපට අදාලව ඔබ දැන් ක්‍රියාත්මක විය යුතුයි, කාන්තා අභිවෘද්ධිය ළමා ආරක්ෂණය තමන්ට දේශපාලන වශයෙන් ලැබිච්ච නිලයක් නිසා හෝ පඩි ලබන රැකියාවක් හැටියට කළ හැකි විෂයක් නෙමෙයි. තමන්ගේ හදවතින්ම මේකට ඇති ආසාව, ආදරය, ඇල්ම සහ රටේ අනාගතය ගැන ඇති කැක්කුම නිසා කලයුතු යුතුකමක් කියලා හිතලා කලයුතු රාජකාරියක් .

ළමා අපචාරවලට එරෙහිව අප කරගෙන යනු ලබන වැඩසටහනයන්හි සමාරම්භක උළෙලට පැමිණි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ප්‍රකාශ කළ ලෙසම කාන්තා හිංසනය සහ ළමා අපචාර වෙනුවෙන් වෙනමම උසාවියක් ස්ථාපිත කර නීතිමය පියවර ගැනීම කඩිනම් කිරීම ඉතාමත් නුදුරේදීම ක්‍රියාත්මක කරයියැයි අපි විශ්වාසයෙන් බලා සිටිනවා. ඒ වගේම සරත් වීරසේකර ඇමතිතුමන්ගේ අමාත්‍යාංශයත් සමඟ එක්ව අපි මේ වන විට ආරක්ෂිත පාසැල් නිර්මාණය කිරීමේ වැඩසටහනකට දායකත්වය ලබා දෙනවා. ඒ වගේම ළමා අපචාර යන්ට එරෙහිව ආරක්ෂිත පවුරක් නිර්මාණය කිරීමට අපගේ සංවිධානවල සහාය අපි ලබාදෙන්නවා.

අවසාන වශයෙන් මම සියලුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා කාන්තා හිංසනය, ළමා අපචාරවලට සම්බන්ධ කිසිවෙකුට ඉදිරි මැතිවරණ වලදී නාමයෝජනා ලබා දෙන්න එපා, මැතිවරණ කටයුතු වලට සම්බන්ධ කරගන්න එපා, තනතුරු දෙන්න එපා.

ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් එසේ ශිෂ්යාවන් හිංසනයට පීඩාවට ලක් කර ඇතැයි හඳුනා ගත්තොත් රැකියාවකට බඳවා ගන්න එපා. කෙනෙකුට රිදවන පීඩනයට පත් කරලා, හිංසනයට ලක් කරලා සතුටු වෙන්නේ මානසික ලෙඩ්ඩු ම පමණයි.

නීතිඥ නෝනල මහත්තුරු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අවුරුදු 16 මියගිය ඉශිලානි දැරියගේ සිද්ධියට හෝ එවැනි ම වෙනස් සිද්ධීන් සඳහා ඔබේ නීති උපදෙස් හෝ ඔබේ සේවය ලබා දෙන්න එපා කියලා ඉල්ලීමක් කරනවා මේ සිද්ධියේදී පැහැදිලිව තහවුරු වෙනවා මේ දැරියට කොච්චර කෲර ලෙස වධහිංසා පමුනු වලා තියෙනවද කොච්චර අමානුෂික විදිහට මේ ගෙදර සේවයට ආපු දැරියන්ට හිරිහැර කරදර කරලා තියෙනවද . මේ නඩුවට පෙනී සිටින අයට ජීවිත කාලෙම හම්බ කරන්න බැරි මුදල් ලැබේයි නමුත් මේ මුදල්වලින් ඔබේ දරු පවුල පෝෂණය කරනවා නම් ඔබේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන දෙනවා නම් මම කියනවා මේ ලබා ගන්නා මුදල් කිසිවෙකුට යාදීන්නේ නැහැ .”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්