නවතම පුවත්

ඊළග කොවිඩ් එන්නත් තොගය සංචාරක හා කම්හල් ක්ෂේත්‍රවලට 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී රැගෙන ඒමට නියමිත කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබේ.

 

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රියදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාමලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇති බව ඇති බව ය.

 

එමෙන්ම දිවයින පුරා නිදහස් වෙළද කළාපය තුළ සේවක සේවිකාවන් 130,000 කට අධික පිරිසකට ද කොවිඩ් එන්නත ඉදිරියේ දී ලබාදීමට අපේක්ෂා කෙරේ.

 

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම සඳහා ඊයේ (03) සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්