ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සදහාද පෝලිම් ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අඟවා සිටී .
එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසුවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බේකරි රැසක් වැසී යාමේ තර්ජනයට ලක්වී ඇති බවයි.
දැනටමත්දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය