උගත් නූගත් කා අතරත් රැකියා නැති කතුන් වැඩියි

Picture of අසංක

අසංක

මෙරට තුළ කාන්තාවන්ගේ සේවා වියුක්ති අනුපාතය පිරිමින්ගේ සේවා වියුක්ති අනුපාතයට වඩා සෑම විටම වැඩි බව අනාවරණය වී තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 වසරේදී කරන ලද ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයට අනුවයි.

සාපේක්ෂව ඉහළ අධ්‍යාපන මට්ටම්වල පුද්ගලයින් අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැඩි සේවා වියුක්ති අනුපාතයක් දක්නට ලැබෙන බව ද එහිදී පෙනී ගොස් ඇත.

වැඩිම සේවා වියුක්ති අනුපාතයක් වාර්තා කරන්නේ අ.පො.ස. උසස් පෙළ හා ඉන් ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත කාන්තාවන් ය.

ඒ අනූව, ශ්‍රී ලංකාවේ උගතුන් අතර සේවා වියුක්තිය වැඩිපුරම දක්නට ලැබෙන්නේ කාන්තාවන් අතර බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.