උඩුවේ හිමියන් නිදොස් කොට නිදහස්

Picture of අසංක

අසංක

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද නියෝග කළේය.

මෙම නඩුවට අදාළව එවකට අමාත්‍යවරයකුව සිටි වසන්ත සේනානායක මහතා ලබාදුන් සාක්ෂි පිළිගත නොහැකි මට්ටම තිබෙන බැවින් විත්තිකාර හිමිනම නඩුවෙන් නිදහස් කරන බව විනිසුරුවරයා ප‍්‍රකාශ කළේය.

අදාළ අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

2015 ජනවාරි 28 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කිරුළපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ලියාපදිංචි නොකළ අලි පැටවකු සන්තකයේ තබාගැනීම තුළින් සත්ව හා වෘක්ෂලතා ආඥාපනත සහ පොදු දේපළ පනත උල්ලංගනය කරන ලදැයි විත්තිකාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා 02ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ඉෂාර රත්නකාර