උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහි නඩුවේ තීන්දුව ලබන මාසයේ

Picture of අසංක

අසංක

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා තිබෙන නඩුවේ තීන්දුව ලබන මාර්තු 01 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද සදහන් කළේ ය.

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සියලුම සාක්ෂි සහ දේශන අවසන් වීමෙන් අනතුරුව අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේ ය.

ඉෂාර රත්නකාර