උත්සව සමයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාත තුල බරපතල ලෙස   පැතිර ඇති කොරෝනා දෙවන  රැල්ල එළඹෙන උත්සව සමයේ  දිවයිනේ සෙසු පලාත්වලටද  දරුණු ලෙස   ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව  මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමයඅනතුරු අඟවා සිටී

ඒ අනුව මේ වනවිට ශ්‍රී  ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් ඇති බවත්  මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත

කොළඹ මහ නගර සභා සීමාවේ උතුරු කොලඹ පැවති අර්බුදය මේ වන විට නගර සභා සීමාවේ අනෙක් සීමාවන් වලටද පැතිරෙමින් ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා  මාධ්‍ය වෙත සඳහන් කර ඇත