නවතම පුවත්

උත්සව සමයේ දී රටේ ආර්ථික පිබිදීමක්

අසංක

අසංක

උත්සව සමයේදී මෙරට තුළ නිෂ්පාදන අංශයෙහි වර්ධනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ නිෂ්පාදන අංශයෙහි ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව ගිය දෙසැම්බර් මාසයේ දී 58.1ක අගයක් වාර්තා කරමින් ඉහළ ගිය බවයි.

මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. නව ඇණවුම් සහ නිෂ්පාදන වැඩිවීම කෙරෙහි උත්සව සමය හේතුවෙන් ආහාර හා පාන අංශයේ ඇති වූ ඉල්ලුම හේතු විය.

රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයෙහි ද නව ඇණවුම් සහ නිෂ්පාදන සුළු වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

කෙසේ වුව ද, සේවා නියුක්තිය උප දර්ශකය නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 දෙසැම්බර් මාසයේ දී පහත වැටුණි.

නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක වලට සාපේක්ෂව තොග මිලදී ගැණුම් උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. ‍‍

නිෂ්පාදන අංශයේ නියැලෙන්නන් උපුටා දක්වමින් මහබැංකුව පැවසුවේ එළඹෙන චීන අලුත් අවුරුදු නිවාඩුවට පෙර තොග සැලකිය යුතු ලෙස එක් රැස් කිරීමට අවශ්‍යතාවයක් පැවතිය ද ආනයන ආශ්‍රිත ගැටලු‍ හේතුවෙන් එය සිදු කළ හැකි වූයේ යම් ප්‍රමාණයකට පමණක් බවය.

2021 වසර සඳහා ශක්තිමත් අවසානයක් සනිටුහන් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, දෙසැම්බර් මාසයේ දී 62.4ක දර්ශක අගයක් දක්වා ඉහළ ගිගේය.

මෙම ඉහළ යෑම සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රිොකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් ඉහළ යෑම හේතුවිය.

බොහෝ අංශවල දක්නට ලැබුණු වර්ධනයන් සමඟ නව ව්‍යාපාර නොවැම්බර් මාසෙට සාපේක්ෂව දෙසැම්බර් මාසදේ දී තවදුරටත් ඉහළ ගොස් ඇත.

මෙරට තුළ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය වීම මෙම උත්සව සමයේ ඉල්ලුම අඛණ්ඩ වර්ධනයට හේතු වී තිබේ.

ඊට සමගාමීව සේවා අංශයෙහි ව්‍යාපාර දෙසැම්බර් මාසදේ දී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම්
කර ඇත.

ඒ අනුව, සියලුම සේවා අංශ හා ව්‍යාපාරවල වර්ධනයක් දෙන්නුම් කළ අතර, මූල්‍ය සේවා, ප්‍රවාහන, භාණ්ඩ හා සිල්ලර වෙළෙඳාම සහ අනෙකුත් පෞද්ගලික සේවා යන අංශවල විශාල
වර්ධනයක් දක්නට ලැබුණු බව මහ බැංකුව කියයි.

උත්සවය සමයේ සංචාරකයන්ගේ පැමිණීම්වල සැළකිය යුතු වර්ධන මධ්‍යයේ නවාතැන් හා
ආහාරපාන සැපයීම් සේවාවල ද වර්ධනයක් වාර්තා කර ඇත.

ව්‍යාපාරවල ධනාත්මක වර්ධනෙන් හේතුවෙන් සමාගම් විසින් ඔවුන්ගේ කාර්ය මණ්ඩල අඛණ්ඩව පුළුල් කිරීම නිසා දෙසැම්බර් මාසදේ දී සේවා නියුක්තිය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

කාර්ය මණ්ඩල සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කිරීම නිසා දෙසැම්බර් මාසදේ දී නිමකිරීමට නියමිත කාර්යයන් ද අඛණ්ඩව සිදුකර ඇත.

ලිහිල් කරන ලද කොවිඩ්-19 වසංගත ආශ්‍රිත සීමා ඉදිරියටතත් ලිහිල් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර පිළිබඳ අපේක්ෂාවන් දෙසැම්බර් මාසදේ දී තවදුරටත් වර්ධනය වූ බව මහ බැංකුව කියයි.

එහෙත් COVID-19 නව ප්‍රභේදවල බලපෑමක් පැනනැගිය හැකි බැවින් එහි උද්ධමන පීඩන නිසා ඇතිවිය හැකි අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ ඉදිරි ව්‍යාපාරික පරිසරය තවදුරටත් අවිනිශ්චිත විය හැකි බව මහබැංකුව කියාසිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්