නවතම පුවත්

උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් වේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උත්සව සමයේදී ‘කොවිඩ්’ රෝග පැතිරීමට තුඩු දෙන ලෙස ජනතාව හැසිරුණොත් ,සෞඛ්‍ය මාර්ගෝපදේශ  දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (26) පැවසීය.

වර්තමාන ‘කොවිඩ්’ මාර්ගෝපදේශණ මාලාව මීට පෙර පැවැති එකට වඩා ලිහිල් එකක් බව කී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා උත්සව සමයේ පොදුවේ කුඩා දරුවාගෙන් සිට සෑම පුද්ගලයෙක්ම සාමාජික සහ අධ්‍යාත්මික වශයෙන් උත්සව සමයත් සමඟ බැඳුණු අවශ්‍යතා ඉටුකරගැනීමේ අවස්ථාව ලබාදී එසේ මාර්ගෝපදේශණ ලිහිල් කර පවත්වාගෙන යන බව ද සඳහන් කළේය.

රටේ බහුතර ජනතාව මාර්ගෝපදේශණ පිළිබඳව සළකිලිමත්ව කටයුතු කළ ද යම් ප්‍රමාණයක් සෞඛ්‍ය නීති පිළිනොපැදීම බරපතල තත්වයක් බවත් සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවදානයෙන් සිට බරපතල වීමට ඉඩ නොතබන බවත් කීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ‘කොවිඩ්’ පිළිබඳව අද (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා එසේ පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්