නවතම පුවත්

උත්සව සමය වෙනුවෙන් ලබන සතියේ සහල් නිකුතුව ඇරඹේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත්කොට ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ උත්සව සමයේදී හිගයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහායි.

ඒ අනුව එළඹෙන සතිය තුළ දිවයින පුරා ගබඩා කර ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස වෙත නිකුත් කිරීම ආරම්භ කෙරේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිල දී ගත් වී තොග මේ වන විට අදාළ ගබඩාවල තැන්පත් කර ඇත.

මෙම වී තොග අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් හඳුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත් කර ලංකා සතොස වෙත ලබා දීමට නියමිත ය.

මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිසා ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (28) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණි.

මෙම සහල් උපරිම සිල්ලර මිල යටතේ ලංකා සතොස අලෙවිසල් මගින් පාරිභෝගිකයන් වෙත අලෙවි කෙරේ.

මේ සඳහා ලංකා සතොස මගින් සහල් සඳහා වන මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට නියමිත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්