උතුරු කොරියාවෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු කොරියාවෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තාවීම හේතුවෙන්  උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවේ

දේශ සීමාව අසල කෙසොං නගරය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ බව උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය  වැලදුනු මෙම පුද්ගලයා මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පලා ගිය කෙසොං නගරයේ පදිංචිකරුවෙකි.,

නැවත මෙහොවු නීතිවිරෝධීව දේශ සිමා මායිම් පසු කිරීමෙන් පසු ජූලි 19 වන දින ආපසු පැමිණ තිබේ.

මේ වන නිරෝධායනයකට යටත් කර ඇති අතර කෙසොං නගරයේ සිටින සියලුම පුද්ගලයින් එම පුද්ගලයා

හා පසුගිය දින පහ තුළ නගරයට ගොස් ඇති අය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර වෛද්‍ය පරීක්ෂණ ලබා දී නිරෝධායනය යටතේ තබා ඇත.