නවතම පුවත්

උතුරු කොරියාව තවමත් කොරෝනාවෙන් තොරයි

අසංක

අසංක

උතුරු කොරියාව තුල කිසිදු කොරෝනා රෝගියෙකු නොමැති බවටත් ඒ අනුව තම රට තවමත් එම වෛරසයට ගොදුරුවී නැති බවටත් එරට නායක කිම් ජොන් උන්, නැවත වරක් අවධාරණය කර සිටී.

උතුරු කොරියාවේ පියෝන්ග් ගියන්ග් නුවර ඊයේ පැවති විශේෂ හමුදා සංදර්ශනයකට එක්වෙමින් උතුරු කොරියානු නායකයා මේ බව අවධාරණය කර සිටියේය.

මෙම දැවැන්ත හමුදා සංදර්ශනයට හා පෙළපාලිය සඳහා විශාල හමුදා භට පිරිසක් එක්ව සිටි අතර , එය නැරඹීමටද විශාල ජනකායක් එක්ව සිටියහ , නමුත් උත්සවයට සහභාගී වූ ඒ කිසිවකු මුව ආවරණ පැළඳ සිටිනු දක්නට නොලැබුණු අතර උතුරු කොරියානු නායකයා ඇතුළු ඉහල නිලධාරීන් පවා මුව ආවරණ රහිතව , අතටඅත දෙමින් , එකිනෙකා වැළඳ ගනිමින් , ඉතා නිදහසේ හැසිරෙනු දක්නට වීම ඉතා සුවිශේෂී කරුණක් විය.

තම රට තවමත් මෙම වෛරසයට ගොදුරුවී නොමැති නමුත් එය තම රටට ඇතුල්වීම වලක්වාලීම සඳහා අවශ්‍ය පියවරයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා දැඩි නීති රීති හා ක්‍රියාමාර්ග ඉදිරියටත් අනුගමනය කරන බවටත් කිම් ජොන උන් මෙහිදී පැවසීය.

මෙහිදී උතුරු කොරියාව නිෂ්පාදනය කල නවතම බැලස්ටික් මිසයිල ඇතුළු නවීනතම යුධ උපකරණ රැසක්ම ප්‍රදර්ශනය කෙරිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්