ඉෂාර රත්නකාර
අමෙරිකාවේ ශ්රී ලංකා නව තානාපතිනිය ලෙස පත්ව සිටින අලියානා බී ටැප්ලිට්ස් මහත්මිය සහ ශ්රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ සිදුව තිබේ.
එහිදී උතුරේ ඉඩම් නිදහස් කිරීම සංහිඳියාව සම්බන්ධයෙන් යුධ හමුදාව සිදු කරන වැඩපිළිවෙළ ආදී කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය මෙරට වැඩ භාරගැනීමෙන් අනතුරුව යුධ හමුදාපතිවරයා අතර සිදුවූ පළමු නිල හමුව ද මෙයයි.