මැතිඇමති වාහනවල සංඥා විදුලි පහන් ගලවා දැමීමේ සූදානමක්

දම්පත් රණසිංහ මැති ඇමතිවරුන් ගමන් ගන්නා වාහනවල ඇති නිල් සහ රතු පැවති දැල්වෙමින් නිවෙන විදුලි පහන් ආරක්ෂක මණ්ඩලය දැනුවත් ‌කොට ගලවා දැමී‌මට ‌පොලීසියේ අවධානය ‌‌යොමුව තිබේ. ඊට ‌හේතුවී ඇත්තේ ඒවැනි විදුලි පහන් ‌යොදාගනිමින් මත්කුඩු ජාවාරම්කරුවන් සුඛෝපභෝගී වාහනවලින් රටපුරා මත්කුඩු ‌බෙදාහරින බවට ‌හෙළිවීමයි. ඒම විදුලි පහන් ‌යොදා සකස් කළ වාහන ‌පොලිස් අණනොතකා ද ධාවනය වන බව…

ශ්‍රීමා දිසානායක මවගේ වියෝව ගැන නවීන්ගේ කදුලු අකුරු

රමේෂ් වරල්ලෙගම එක්සත් ජාතික පක්ෂයේත් රටේත් නොමැකෙන නාමයක් තැබු ගාමිණී දිසානායක මහතාගේ බිරිද වජිරා ශ්‍රිමතී දිසානායක මහත්මිය අද (29) අභවප්‍රාප්ත වුවාය. රෝගීව කොළඹ ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ගනිමින් සිටියදී ශ්‍රීමති දිසානායක මහත්මිය මෙලෙස අභවප්‍රාප්ත වී තිබේ. 1994 වසරේ පැවැති ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාව වු ශ්‍රීමතී දිසානායක මහත්මිය කා අතරත් ප්‍රකට වුයේ ශ්‍රීමා දිසානායක ලෙසය. එක්සත්…

උත්සව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට ‌පොලීසිය අර්බුදයක

දම්පත් රණසිංහ බීමතින් රථවාහන ධාවනය කරන රියැදුරන් හදුනාගැනීමට පොලීස් නිලධාරීන් භාවිත කරන ශ්වසන නළ හිගයකට පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දී තිබේ. රැපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ටෙන්ඩර් හරහා ඇණවුම් කළ ප්‍රමාණයේ මිල ඉහළයාම ඊට හේතුවයි. ශ්වසන නළ 10ක් සහිත එක් පැකට්ටුවක මිල රුපියල් 25000ක් ලෙස පැවතුණි. ඒ අනුව එක් ශ්වසන නළයක මිල රුපියල් 2500කි.…

‘ලංකාවේ ටැප් වතුර බොන්න එපා’ – අමෙරිකාවෙන් සංචාරකයන්ට අනතුරු ඇගවීමක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි නළ ජලය පානය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සංචාරයේ නියැලෙන්නන්ට අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන් පැවසෙන්නේ ලොව පුරා ප්‍රධාන පෙළේ සංචාරක ස්ථානවලදී නළ ජලය පානයට නොගත යුතු හා ගත හැකි ස්ථාන පිළිබදවයි. එම ලැයිස්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ නළ ජලය ද සංචාරයකටන් විසින් පානය නොකළ යුතු…

උතුරේ ඉඩම් හා සංහිඳියාව ගැන හොයන්න අමෙරිකානු තානාපති යුධ හමුදාපති හමුවෙයි

ඉෂාර රත්නකාර අමෙරිකාවේ ශ්‍රී ලංකා නව තානාපතිනිය ලෙස පත්ව සිටින අලියානා බී ටැප්ලිට්ස් මහත්මිය සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ සිදුව තිබේ. එහිදී උතුරේ ඉඩම් නිදහස් කිරීම සංහිඳියාව සම්බන්ධයෙන් යුධ හමුදාව සිදු කරන වැඩපිළිවෙළ ආදී කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය මෙරට…

හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ වයස අවුරුදු 79 කි. හෙළ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාදයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ආදර අඹරේ ගීතය ගායනා කරමිනි. හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 ට ආසන්නයි. පවුලේ…

‍බොරුල්ල කනත්තෙනුත් ගසා කෑ බ්ලැක් ලිස්ට් සමාගමට කොළඹ මහනගර සභාවෙන් යළිත් අවස්ථාවක්

පැතුම් වික්‍රමරත්න දූෂණ වංචාවන් හේතුවෙන් අසාදු ලේඛනගතව ඇති සමාගමකට යලි බොරැල්ල සුසාන භූමියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබාදීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත. සීමාසහිත රන්සවී කන්ස්ට්‍රක්ෂන්ම පුද්ගලික සමාගමට මෙසේ නැවත බොරැල්ල සුසාන භූමියේ හින්දු ආගමික අදාහනගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාරදී ඇති අතර එම සමාගම මීට පෙර මෙම සුසාන භූමියේම බෞද්ධ ආගමික අංශයේ ඉදිකිරීම් කටයුතු වලදී මහජන මුදල්…

ලොව ආකර්ෂණීයතම ප්‍රදර්ශන 5 අතරට දළදා පෙරහැර නම් කෙරේ

පැතුම් වික්‍රමරත්න ලොව ශ්‍රේෂ්ඨතම හා ආකර්ශනීයම ප්‍රදර්ශන (show ) පහ අතරට ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර නම් කිරීමට ලෝකප්‍රකට “ද ට්‍රැවලර්” වෙබ් අඩවිය කටයුතු කර ඇත. ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරේ තිබෙන සුවිශේෂී සංස්කෘතික නර්තනයන් සහ විශේෂාංග ලොව අන් කවර තැනකදීවත් දැක බලා ගැනීමට නොහැකි බව එම වෙබ් අඩවිය සඳහන් කර ඇත. මෙම වසරේ අගෝස්තු මාසයේදී…

කාලගුණය ගැන අවධානය මදි යැයි දහස් ගණන් ඕස්ට්‍රේලියානු සිසුන් මහමග විරෝධතාවයක

පැතුම් වික්‍රමරත්න ඕස්ට්‍රේලියානු රජය අනුගමනය කරන කාලගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රමාණවත් නොවන බව පවසමින් දස දහසකට අධික එරට පාසල් සිසුන් ප්‍රමාණයක් වීදි බැස උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර ඇත. මේ හේතුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාව පුරා පාසල් රැසක් වසාදමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී . කාලගුණ විපර්යාස සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අසමත් බවද මෙම පාසල්…

ඉන්දියාවේ දූෂිත දේශපාලකයාගේ කළු සල්ලි සුදුකරන මිරිජ්ජවිල ව්‍යාපෘතියට තවත් ලෙඩක්

පැතුම් වික්‍රමරත්න හම්බන්තොට මිරිජ්ජවල ,යෝජිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය කළ බව කියන සිංගප්පුරුවේ සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම තවමත් සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කළ සමාගමක් නොවන බව හින්දු පුවත්පත අනාවරණය කර ඇත. ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ මෙවර මහ මැතිවරණ අපේක්ෂකයෙකු වන ජගත් රාක්ෂගන් මහතා ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් මේ බව අනාවරණය වී ඇත. සිල්වර් පාක්…

අක්‍රිය චුන්නාක්කම් බලාගාරයටත් බිලියන ගණන් ගෙවලා

පැතුම් වික්‍රමරත්න අක්‍රීය තත්වයේ පවතින චුන්නාක්කම් විදුලි බලාගාරය අයත් සමාගමට විදුලිබල මණ්ඩලය විසින් 2017 හා 2018 යන වසරවල රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවා ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. අක්‍රීයව පවතින විදුලිබලාගාරයකට මෙලෙස ගෙවීමක් සිදුකලේ කුමන පදනමක් මතදැයි විදුලිබල මණ්ඩල වෘතීය සමිති, එම මණ්ඩල බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති . අධිකරණ නියෝගටක් මත අක්‍රියා…

පාඨලීගෙ වජිරගෙ වැය ශීර්ෂ පරාජය කළ හැටි

රමේෂ් වරල්ලෙගම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පරාජයවීම මේ වනවිට ආණ්ඩුවේ බරපතල ඉරි තැලීමක පෙරමග ලකුණක්වී හමාරය. මෙසේ තම අමාත්‍යංශ වැය ශිර්ෂ පරාජය වුයේ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන ඇමැතිවරුන්ය. පාඨලී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලම භූමිකාවක් නියෝජනය කරමින් සිටියදිත් වජිර…