උතුර- නැගෙනහිර- වයඹ හයලක්ෂයක් වේලෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පවතින වියලි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව මේවනවිට ,658 696ක් දක්වා ඉහළ ගොස් ඇත.

මින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේ වන අතර එම සංඛ්‍යාව 224,000කට අධික ය.

නැගෙනහිර පළාතේ පුද්ගලයින් 163,000ක් හා වයඹ පළාතේ පුද්ගලයින් 63000කට අධික පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ්‍ර 73හි ජල මට්ටම 17%ක් දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.