නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

උද්ධමනය පහළ ගිහින්

අසංක

අසංක

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ගෙවුණු මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 1.6%ක් ලෙස පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය ගෙවුණු අප්‍රේල් මාසයේ පැවතියේ 2.7%ක් ලෙසයි.

2024 මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 0.2% ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.3%ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේදී 3.3% සිට 2024 මැයි මාසයේ 0.5% දක්වා අඩු වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේදී 2.3% සිට 2024 මැයි මාසයේදී 2.4% දක්වා වැඩි වී ඇත.

ආහාර කාණ්ඩය සැළකූ විට මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත්තේ ලොකු ළූණු, අලුත් පළතුරු, එළවළු, අමු මිරිස්, කිරිපිටි, කුකුලු මස්, පොල්, අර්තාපල්, රතු ළූණු, වියළි මිරිස්, මිරිස් කුඩු, පොල් තෙල්, කරවල, බිත්තර සහ කඩල යන ආහාර ද්‍රව්‍යවල වේ.

එහෙත්, අලුත් මාළු, දෙහි, ඉගුරු, සහල් සහ තේ කුඩු /කොළ යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහිවැඩි වීමක් වාර්තා වී ඇත.

පසුගිය මාසය හා සංසන්දනය කළ විට, 2024 මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය අඩු වීම සඳහා ‘ ප්‍රවාහන’ (පෙට්‍රල් සහ ඩීසල්), ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන (එල්. පී ගෑස් සහ භූමිතෙල්) සහ රෙදිපිලි සහ පාවහන් (රෙදිපිලි) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල අඩු වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

තවද මධ්‍යසාර පාන වර්ග, ‘ දුම්කොළ සහ මත්ද්‍රව්‍ය’ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිලෙහි ඉතා සුළු අඩු විමක් වාර්තා වී ඇත.

එහෙත්, ‘සෞඛ්‍ය ‘, ‘ආපන ශාලා සහ හෝටල්’, ‘ විවිධ භාණ්ඩ සහ සේවා යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිලෙහි ඉතා සුළු වැඩිවීමක් වාර්තා වී ඇත.

තවදුරටත් සළකා බැලීමේදී ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’,’සංනිවේදන’, ‘විනෝදාත්මක සහ සංස්කෘතික, අධ්‍යාපන´ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල මැයි මාසය පුරා නොවෙනස්ව පැවති බවත් වාර්තා වී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (පාද වර්ෂය: 2021=100) ලක්ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්ඡා වචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිබිඹු වන යටිදැරි උද්ධමනය (Core Inflation).

2024 අප්‍රේල් මාසයේ 3.0% සිට 2024 මැයි මාසයේදී 3.1% දක්වා වැඩි වීමක් වාර්තා විය.

ගෙවුණු දෙවසර තුළ උද්ධමනයේ උච්ඡාවචනය පහතින් දැක්වේ.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)