රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 කට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ඉදිරිපත්කරන ලද යෝජනා කිහිපයකටද අමාත්‍ය මණ්ඩල ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
- පුහුණුව සදහා බදවා ගනු ලබන උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට අභ්‍යාසලාභී පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ අධීක්ෂණය යටතේ අදාළ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති විසින් සිදු කිරීම.
- එම අභ්‍යාසලාභීන් පුහුණු කාලසීමාව තුළදී හඳුනාගත් ආයතනවලට අනුයුක්ත කොට අදාළ පුහුණුව ලබාදීම
- වසරක සතුටුදායක පුහුණු කාල සීමාව අවසානයේ ඔවුන් සේවය කිරීමට මනාපය පළ කර ඇති ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම රජයට සහ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතන වෙත අනුයුක්ත කිරීම