අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය සම්බන්යෙන් ඉදිරිපත් වන යෝජනා හා චෝදනා සළකා බැලීමට විශේෂ කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එච්. එම් චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක වේ.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ තව ත් අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුලත්ව ඇත.
සියලු අදහස් සහ යෝජනා සළකා බැලීමෙන් පසු මෙවර උසස් පෙළ දැනට ප්‍රකාශිත දිනවල පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද අමාත්‍යංශ ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය