නවතම පුවත්

එංගලන්තයට ක්‍රිකට් කණ්ඩායම යැව්වේ කෝටි 7ක් වැය කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ජෛව බුබුළ බිඳීම පේනවාට වඩා බරපතළයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 69ක් වැය කරමින් ජෛව බුබුළක් ඔස්සේ එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා යැවූ ක්‍රීඩකයන් තිදෙනකු, ජෛව බුබුළ හා විනය නීති උල්ලංගනය කිරීමේ වරදට වහාම කැඳවීමෙන් පසු  ඊයේ (29) දහවල් දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කර තිබේ.

ඔවුන් දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීම සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත යොමුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන අයයි.

ඔවුන් දහවල් 1.15ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටත් එම ක්‍රීඩකයින් ව වහාම නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගෙන ක්‍රීඩකයින් ව නැවත ගෙන්වීමට තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ අධික වියදමක් කරමින් මෙම ක්‍රීඩකයන් එංගලන්ත තරගය සදහා යැවුයේ කොවිඩ් තත්ත්වය මත ශ්‍රී ලංකාව එරට රතු ලැයිස්තුවක සිටින තත්ත්වයකදී වන අතර මෙම නීති රීති උල්ලංගනය නිසා දෙරට අතර විශ්වාසය පළුදුවීමට තරම් මෙම කරුණ බලපෑ හැකි බවයි. මන්ද යත් මොවුන් ජෛව බුබුළ බිඳීම එරට ජනතාවගේ සෞඛාරක්ෂාවට අනාරක්ෂිත තත්ත්වයකට ඇදදැමිමක් වන අතර ජෛව බුබුළක් සැකසසීම සාමාන්‍යයෙන් සිතනවාට වඩා බරපතළව ආරක්ෂක පියවර ගෙන සකස් කරන ලද්දක් බව ද හෙතෙම කියාසිටියේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්