නවතම පුවත්

එංගලන්තයේ එල්ටීටීඊය තවදුරටත් තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

එංගලන්තයේ ත්‍රස්තවාදය පිළිබඳ පනත යටතේ එල්ටීටීඊ හෙවත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කිරීමට තීරණය කර තිබේ.

එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා මෙම තීරණය ශ්‍රී ලංකා රජය වෙත දන්වා තිබේ.

2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ එය තවදුරටත් තහනම් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසීය.

එංගලන්තය තුළ එල්ටීටීඊ සංවිධානයට ඇති තහනම ඉවත් කරගැනීම සඳහා එරට එල්ටීටීඊ පෙරමුණ විසින් තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාවේ (පීඕඒසී) වෙත කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප කර ඇත. එරට ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ නිල වශයෙන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුවයි.

එබැවින් යුරෝපා සංගම් කලාපය ඇතුළු ලොව පුරා රටවල් 30 කට වැඩි ගණනක එල්ටීටීඊ සංවිධානය තවමත් තහනම් සංවිධානයක් ලෙස පවතී.

සිවිල් වැසියන් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් ඉලක්ක කරගත් කණ්ඩායමේ කෲරත්වය සහ සාහසිකකම්, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වීම සහ ගෝලීය හා කලාපීය ආරක්ෂාවට බලපාන වෙනත් අපරාධ ක්රියාකාරකම් හේතුවෙන් එම රටවල කොටි සංවිධානය මුලින් තහනම් කරන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්