නවතම පුවත්

එංගලන්තයේ පාසල් පන්ති කාමර තුළට ‘මාස්ක් එපා’ කියයි

අසංක

අසංක

එංගලන්තයේ ද්විතීයික පාසල් පන්ති කාමරවල මැයි 17 න් පසු මුඛ ආවරණ තවදුරටත් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තහවුරු කර තිබේ.

පසුගිය මාර්තු මාසයේදී නැවත පාසල් ආරම්භ කළ දා සිට මුඛ ආවරණ නිර්දේශ කර තිබුණි.

නමුත් එය එරට අගුළු දැමීමේ පියවරයන් ඉවත් කිරීමත් සමග එහි එක් පියවරක් ලෙස අවසන් වනු ඇත.

මුඛ ආවරණ සන්නිවේදනය හා ඉගෙනීමට බාධා ඇති කරන බව මෙම පියවරට හේතු ලෙස දක්වා තිබේ.

නමුත් මුඛ ආවරණ ඉවත් කිරීමට ගත් තීරණය කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාව තහවුරු වූ බවට වන සාක්ෂියක් යැයි පිළිගැනීමට අසීරු බව එරට විදුහල්පතිවරු සහ ගුරුවරු අනතුරු ඇඟවති.

එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ “නවතම දත්ත මගින් පෙන්නුම් කරන්නේ වෛරස ආසාදන අනුපාතය අඛණ්ඩව අඩුවෙමින් පවතින” බවත් මාස්ක් පැළඳ නොගැනීම “ගුරුවරුන් සහ සිසුන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන” බවත්ය.

එරට ලොක්ඩවුන් සීමා ලබන 17 වැනිදා ලිහිල් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්