එක්සත් රාජධානියේ ග්ලාස්ගොව් සරසවියේ සිසුන් 124 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරුවී ඇත.
ඒ අනුව මේවනවිට එම සරසවි සිසුන් 600 දෙනෙක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
සරසවියට ඇතුළු වූ නවක සිසුන් නිතර ගැවසෙන ස්ථාන දෙකක ‘පොකුරු මට්ටමෙන්‘ රෝගය පැවතී තිබෙන බව ද මේ වන විට සොයාගෙන තිබේ.
ශිෂ්‍ය නේවාසිකාගාරවල කොරෝනා වෛරසය දැනටමත් පැතිර ඇති බවට අනුමාන කෙරේ.
මෙයට අමතරව ග්ලාස්ගොව් සරසවිය සාමාන්‍යයෙන් මහජනතාව ද ගැවසෙන ස්ථානයක් වන අතර, ඒ අනුව ඉදිරියේදී දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට බලධාරීන්ට සිදුව තිබේ.