නවතම පුවත්

පාස්කු කොමිසමෙන් මෛත්‍රී ඇතුළු මාධ්‍ය නිවේදන නිකුත් කළ අයට දැඩි අවවාද

අසංක

අසංක

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ජනාධිපති කොමිසමේ දී ඉදිරිපත් වන සාක්ෂි හෝ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙස එම කොමිස්ම අද පාර්ශව කීපයකට තරයේ අවවාද කර තිබේ.

ඒ අද කොමිසමට පැමිණෙන්නැයි නොතීසි නිකුත් කර තිබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාට ය.

කොමිසම් සභාවේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් අදාළ පාර්ශව නිකුත් කර තිබු මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ තීරණය ප්‍රකාශයට පත්කරමින් මෙලෙස අවවාද කර ඇත.

පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දීමේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අසත්‍ය ප්‍රකාශ කළ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අදාළව අද (24) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොමිසම ඊයේ (23) නොතීසි නිකුත් කළේ ය.

පසුගිය දින කිහිපයක් කොමිසමේ සාක්ෂි නැරඹීමට පැමිණ සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටියේ නැත. ඔහු වෙනුවෙන් කොමිසමේ පෙනී සිටියේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා වන අතර පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා ද පැමිණ සිටියේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබද කාදිනල් හිමිපාණන් දැන සිටින්නට ඇතැයි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නිවේදනයට අදාළව කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසී නිකුත් කර තිබුණ ද පැමිණ සිටියේ සහයක රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා පමණි.

කෙසේවෙතත් කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා වන අතිඋතුම් ඇන්තනි ජයකොඩි සහ ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා දෙදෙනා කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව අදාළ මතභේදාත්මක මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් කොමිසමේ නියෝගය මෙසේ ප්‍රකාශයට පත් කරන ලදී.

වරින් වර සංශෝධනය වී ඇති කොමිසන් සභා පනතේ 10 වන වගන්තිය අනුව මෙම කොමිසමට අපහාසයක් හෝ අගෞරවයක් සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යොමු කර දඬුවම් දීමට හැකියාව ඇත.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනය මඟින් පෙන්වා දී තිබුණේ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි අසත්‍යයක් බවයි. නමුත් හිටපු ජනාධිපතිවරයාද නුදුරු දිනකදී සාක්ෂි විමසීම සඳහා කොමිසමට කැඳවන බව ඔහුට දන්වා යවා ඇත.කරුණු එසේ තිබියදී මාධ්‍ය නිවේදයනක් නිකුත් කළ මෛත්‍රීපාල සිරිසේන සහ සමීර ද සිල්වා මහත්වරුන් එවැනි නිවේදනයක් නිකුත් නොකළ යුතුව තිබුණු බව පවසමි. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පෞද්ගලික ලේකම්වරයාට අවවාද කරන්නේ මින් පසු මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් නොකරන ලෙසයි.

මීට අමතරව කොළඹ අගරදගුරු පදවියෙ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටද අවවාද කරන්නේ එවැනි මාධ්‍ය නිවේදන මින් පසු නිකුත් නොකරන ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්