එංගලන්ත සංචාරයේ ගිවිසුමට අත්සන් තැබීමට ක්‍රිකට් ක්‍රීඩකයෝ එකඟයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එංගලන්ත තරග සංචාරයේ ගිවිසුමට අත්සන්  තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වී ඇති බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කර සිටී .

එම ගිවිසුමට අස්සන් තබනවාද නැද්ද යන තීරණයට ගැනීමට අද පස්වරු 4.00 දක්වා කාලය ලබාදෙන  බවත් එසේ නොවුණ හොත් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවන බවත්  අද දහවල්  ක්‍රිකට් ආයතනය ක්‍ර්ර්දකයින් වෙත දන්වා තිබිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම සම්බන්ධයෙන් එංගලන්ත සංචාරයෙන් පසුව සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට මෙහිදී ක්‍රීඩකයින් හා ක්‍රිකට් ආයතනය එකඟවී ඇති බවද වාර්තාවේ