නවතම පුවත්

එකම අංකය ඕනෑම දුරකතන ජාලයකට ගෙනියන්න පහසුකම්

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සියළුම දුරකථන ග්‍රාහකයින්ට එකම දුරකථන අංකයක් වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා විදුලි සංදේශ නියාමන කොමිසම නීතිමය අනුමැතිය දී තිබේ. ලබන මැයි මාසය වනවිට එම සේවාව ලබාගත හැකි වන පරිදි අවසන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවේදී, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා කීය.

යම් ජංගම දුරකථන ග්‍රාහකයෙක් සිය සේවා සපයන්නා මාරු කිරීමට බලපොරොත්තු වන්නේ නම් සිය අංකය සමඟ ම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට මෙමගින් අවසර ලැබේ. මෙම නව සේවාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

” ඉස්සරහට තමන්ගේ නම්බර් එක ඩයලොග්, මොබිටෙල්, හච්,එයාර් ටෙල් ඕන  වෙන්න පුළුවන් ඒ අතරේ මාරුවෙන්න එකම නම්බරයකින් පුළුවන්. එතකොට මේ සඳහා සෙන්ට්‍රල් ඩේටා බේස් එකක් අවශ්‍යයි . අනෙක් රටවල ක්‍රමවේද අපි අධ්‍යයනය කරා. විශේෂයෙන්ම පාකිස්ථාන විදුලි සංදේශ නියාමන කොමිසම අපිට ගොඩක් උදව් කරා. ඒ අය එක්ක එකතුවෙලා මේ ක්‍රමවේදය හදලා අපි සඳුදා මේක ලෝන්ච් කරා. නම්බර් පොර්ටබිලිටි එක ලබන මැයි මාසය වෙනකොට අවසන් කර ගන්න පුළුවන්. තාක්ෂණික ක්‍රියාවලිය පමණයි මේකේ දැන් ඉතුරුවෙලා තියෙන්නේ. ” යැයි ද හෙතෙම කීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි