ශ්‍රවේන්ද්‍රට එල්ල වී ඇති චෝදනා ඔප්පු වී නෑ – විදේශ කටයුතු අමාත්‍යංශය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මානව හිමිකම් උල්ලංඝනයන් සම්භන්ධව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ලවී ඇති කිසිදු චෝදනාවක් මේ වනතෙක් නීතිය ඉදිරියේ ඔප්පුවී නැති බවත් එබැවින් ජගත් සාම සාධක බලකායන්ට ශ්‍රී ලංකික සෙබළුන් එක්කර නොගැනීමට ගත්තීරණය පදනම් විරහිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ,ජගත් සංවිධානය වෙත ප්‍රකාශ කර සිටී .

එක්සත් ජාතීන්ගේ 74 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් මහතා සමග නිව්යෝක් නුවර දී පැවති සාකච්ජාවකදී විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මහජනතාවට නිකුත් කරන ලද තොරතුරු වලද බරපතල විෂමතාවන් ඇති විදේශ ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත..

ශ්‍රී ලාංකික සෙබළුන් සම්භන්ධව මෙම තීරණය ගැනීමේදී ජගත් සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව අවබෝධතා ගිවිසුමට පටහැනි ලෙස කටයුතු කර ඇති බවටද ලේකම්වරයා පෙන්වා දී ඇත.

එම දෙපාර්තමේන්තුව මෙහිදී ඒකපාර්ශ්වික තීරණයක් ගෙනඇති බවද මෙරට විදේශ ලේකම්වරයා පෙන්වා දී ඇත.

මෙම තීරණය ගැනීමට පෙර ශ්‍රී ලංකා පාර්ශවය සමඟ කිසිදු සන්නිවේදනයක් නොතිබීම තවදුරටත් කණගාටුවට කරුණක් වන බවද ආරියසිංහ මහතා සඳහන් කර ඇත.