නවතම පුවත්

එක්සත් ශ්‍රී ලංකාවක් තුල අර්ථවත් බලය බෙදීමක් සඳහා ඉන්දීය රජයේ සහය පළවේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

එක්සත් ශ්‍රී ලංකාවක් තුල අර්ථවත් බලය බෙදීමේ ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සහය ලබාදීමට ඉන්දීය රජය සූදානමින් සිටින බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා අවධාරණය කර සිටී .

සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය උදෙසා මෙරට  දමිළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන්ට සහය පලකරන බවද ඒ මහතා මෙරට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක  ප්‍රධානීන සමග පැවති සාකච්ජා මාලාවකදී අවධාරණය කර සිටියේය

මෙරට සාමය හා සංහිඳියාව සඳහා ඉන්දීය සහය හා දායකත්වය ලැබෙන බවද ඒ මහතා මෙහිදී පැවසීය

මෙරට ඉන්දීය මහකොමසාරිස්  ශ්‍රී ගෝපාල් බාග්ලේ මහතා  මේ දිනවල  උතුරු සහ නැගෙනහිර පලාත්වල විශේෂ නිළ සංචාරයක නිරතව සිටින අතර ඊට සමගාමීව මෙරට ප්‍රධානතම ද්‍රවිඩ  දේශපාලන පක්‍ෂ කිහිපයකම ප්‍රධානීන් හමුවී මෙම අදහස් පළකළේය

මේ අතරින් පළමු හමුව ලෙස මහ කොමසාරිස්වරයා  EPDP පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් දිලීපන් මහතා  හමු විය. එහිදී කුලසිංහම් දිලීපන් මහතා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අඛණ්ඩ ස්ථාවරය වෙනුවෙන් ඉන්දියාවට සිය ස්තූතිය පළ කළේය. එසේම වන්නි ජන්ද බල ප්‍රදේශයේ ව්‍යාපෘතීන් සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.
ITAK සභාපති  මාවයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සෙල්වම් අඩෙයිකලනාදන් (TELO),  සිද්ධාර්ථන් (PLOTE),  සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන් යන මහත්වරුන්  සහ උතුරු පළාතේ තරුණ නායකයන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත TNA නියෝජිත පිරිසක් පළාතේ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතාවයන් පිළිබඳව මහ කොමසාරිස්වරයා  දැනුවත් කළහා . ජලය, සනීපාරක්ෂාව, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, සම්බන්ධීයතාවය සහ ධීවර යන ක්ෂේත්‍රයන්හි වඩා ශක්තිමත් සබඳතා සඳහා ප්‍රායෝගික යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් විය.
TMTK නායක සී. වී. විග්නේස්වරන් මහතා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා (EPRLF), එන්. ශ්‍රී කාන්ත මහතා, ශිවාජිලිංගම් මහතා (දෙමළ ජාතික පක්ෂය), ආනන්දි සශිදරන් මහත්මිය (ETSK), වෙන්දන් මහතා, කදීර් මහතා (ජනනායක පොරලිකල්) සහ ඓන්කරනේසන් මහතා (පසුමායි තයාගම්) යන අයගෙන් සමන්විත දමිළ පක්ෂ නියෝජිත පිරිසක් වර්තමාන ආර්ථික සහ දේශපාලන ප්‍රමුඛතා සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා  දැනුවත් කළහ . මෙහිදී විශේෂයෙන්ම මහ කොමසාරිස්වරයා  කසල කළමනාකරණය සහ කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අගය කළේය.
TNPF පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ ගරු එස්. කජේන්ද්‍රන් යන මැතිතුමන්ලා උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා TNPF හි ප්‍රමුඛතාවයන් පිළිබඳව මහ කොමසාරිස්තුමා දැනුවත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්. ශානක්කියන් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් TNA සභාපති ගරු කුහදාසන් යන මහත්වරුන් ඇතුළු නැගෙනහිර පළාතේ දේශපාලන නායකයන් සමඟ මහ කොමසාරිස්තුමා ත්‍රිකුණාමලයේදී අදහස් හුවමාරු කර ගත්තේය. මෙහිදී යටිතල පහසුකම් සංවර්ධනය, කුසලතා සංවර්ධනය, ජල පහසුකම් සහ වාරිමාර්ග, කාන්තා සවිබල ගැන්වීම සහ බලශක්තිය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ආයෝජනය ඇතුළු අංශ සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා රැසක් මහ කොමසාරිස් වෙත ඉදිරිපත් කෙරිණ. නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව මහ කොමසාරිස් සහතික විය.
මෙම සියලු සාකච්ඡාවන්හිදී දමිළ නායකයන් විසින් යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික ආයෝජන සහ ඉන්දීය ප්‍රදාන යටතේ අමතර සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතීන් ඉල්ලා සිටින ලදී. මෙම ක්ෂේත්‍රයන් සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගීතාවය ලබා දීමට තම දායකත්වය නොපිරිහෙලා ලබා දෙන බවට මහ කොමසාරිස්වරයා  සහතික විය. ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ජනතාව විසින් පත් කරන ලද නියෝජිතයන් විසින් ලබා දෙන ප්‍රමුඛතාවයන්ට අනුව උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධනයට දිගු කලක සිට ඉන්දියාව ලබා දෙන සහයෝගය සහ කැපවීම මහ කොමසාරිස්වරයා  මෙහිදී අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්