නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැවේ සමහර බහලුම්වල තිබූ දේ තවම හොයාගන්න බෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සමග මුහුදුබත් වී ඇති ඇතැම් බහාලුම්වල අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි මෙතෙක් හදුනාගැනීමට නොහැකි වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කර සිටී

මුහුද යට ඇති බහාලුම්වල අඩංගු දේ පිලිබඳ සොයා බැලීම සඳහා මෙතෙක් මෙහෙයුම් දියත්ව නැති බවත් , දැනට ඉන්දියාවෙන් පැමිණ සිටින කණ්ඩායමද බහාලුම් ඇති ස්ථාන ගැන සොයා බලනවා විනා ඒවායේ අන්තර්ගතව ඇත්තේ කුමක්ද යන්න සොයා නොබලන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ලහදපුර මහත්මිය මාධ්‍ය වෙත පැවසීය

කෙසේ වෙතත්  ස්කෑනර් යන්ත්‍ර මගින් එම  බහාලුම් වල අංක ලබාගැනීමට හැකියාව ලැබුනහොත් මේ පිළිබඳව යම් අදහසක් ලබාගත හැකි බවද ඇය මෙහිදී පැවසුවාය .

මුහුදු පතුලේ මෙම නෞකාව මගින් යමක් තැන්පත්ව ඇත්නම් ඒවා ඉවත්කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන  ඇති බවත් , පවතින “වාරකන්” තත්වය නිසා එම කටයුතු මදක් ප්‍රමාදවී ඇති බවත් ඇය මෙහිදී සඳහන් කලාය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්