නවතම පුවත්

‘එක රටක් ,එක නීතියක්’ බලකායේ බලතල සීමාවෙයි

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණිකවූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීම පමණි.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් මුලින් ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනය මගින් අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳව සලකා බැලීම යනාදී බලතලද එම කමිටුවට හිමිව තිබිණ.

මේ අතර මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන මහත්වරු එම කාර්ය සාධක බලකායෙන් පසුගියදා ඉවත්වී ඇතැයි වාර්තා වේ.

මේ අනුව ශ්‍රී ලංකා සමාජයේ බහුත්ව ලක්ෂණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කාර්ය සාධක බලකා සාමාජික සංයුතිය තුළ පිළිබිඹුවීමේ අවශ්‍යතාව අවධානයට ලක් කරමින් අළුත් සාමාජිකයෝ තිදෙනෙක් එම කාර්යය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ සිටිති.

මෙසේ නව සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී සද්ගුණරාජා සහ අයියාම් පිල්ලේ දයානන්ද රාජා යන මහත්ම මහත්මීහු වෙති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්