නවතම පුවත්

එක රටක් – එක නීතියක් හදන්න ජනපති ඥානසාර හිමිට බාරදෙයි

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේගේ සභාපතීත්වයෙන් යුතුව ‘එක් රටක් එක් නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබේ.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ලෙස කටයුතු කරනු ලබන්නේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මියයි.

සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ (සභාපති), මහාචාර්ය දයානන්ද බණ්ඩා මහතා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ මහතා, මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා, එන්.ජී. සුජීව පණ්ඩිතරත්න මහතා, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න මහතා,  නීතිඥ සංජය මාරඹේ මහතා, එරන්ද නවරත්න මහතා, පානි වෑවල මහතා, මව්ලවි මොහොමඩ් (ගාල්ල උලමා සභාව), කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් මහතා, කලීල් රහුමාන් මහතා, අසීස් නිසාර්දීන් යන අයයි.

මෙලෙස පත්කරන ලද කාර්ය සාධක බලකායේ කාර්යයන් වන්නේ, ශ්‍රී ලංකාව තුළ එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම, අධිකරණ අමාත්‍යංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන වේ නම්, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝජනා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම ආදියයි.

අදාළ කාර්ය සාධක බලකාය අවම වශයෙන් මසකට වරක් වාර්තා ඉදිරිපත් කළ යුතු අතර, එහි අවසන් වාර්තාව 2022 පෙබරවාරි මස 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු වේ.

DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!